Tuesday, July 30, 2013

වර්ඩ්ප්‍රෙස් සිංහලෙන් - පරිගනකයේ වර්ඩ්ප්‍රෙස් ස්ථාපිත කිරීම 1. Lesson 02


වර්ඩ්ප්‍රෙස් පරිගනකයේ ස්ථාපිත කිරීමට පෙර පරිගනකයට වෙබ් සර්වර් මෘදුකාංගයක් ස්ථාපිත කල යුතුය. මේ  සඳහා WAMP, XAMP වැනි මෘදුකාංග භාවිතා කල හැකිය. නමුත් මම මෙහිදී නැමැති මෘදුකාංගය භාවිතා කරමි.

පහත වෙබ් අඩවියෙන් එය භාගත හැකිය.
http://www.usbwebserver.net/en/

පහත ලින්ක් එක භාවිතා කරන්න...
http://www.usbwebserver.net/en/download.php
එහි ඇති නවතම සංස්කරණය ලබා ගන්න...



එය පරිගනකයේ කැමැති තැනකට සුරක්ශිත(Save) කර දිගහරින්න(Extract)...

ඔබට පහත ආකාරයේ File Structure එකක් ලැබෙනු ඇත.

මෙම අඩංගු ෆොල්ඩරය ඔබට කැමති පරිගනකයකදී වෙබ් සර්වරය ලෙස භාවිතා කලහැකිය. අවශ්‍යනම් පෙන් ඩ්‍රයිව් එක වුවද වෙබ් සර්වර් එක ලෙස භාවිතා කල හැකිය.

වෙබ් සර්වර් එක ක්‍රියාත්මක කිරීම සඳහා usebwebserver icon එක Double click open කරන්න.




දැන් වෙබ් බ්‍රවුසරයක් ගෙන  http://localhost:8080 ලෙස වෙබ් ලිපිනය ලබා දෙන්න.
Usbwebserver භාවිතයේදී  Port 8080  ලබාදිය යුතුය...




වර්ඩ්ප්‍රෙස් සිංහලෙන් - වර්ඩ්ප්‍රෙස් හඳුනා ගනිමු. Lesson 01


වර්ඩ්ප්‍රෙස් යනු බ්ලොග් ලීවිම සඳහා භාවීතා කරන මෘදුකාංගයක් වුවද, අංග සම්පුර්ණ වෙබ් අඩවියක් සැදීම සඳහා මෙය භාවිතා කිරීමට හැකිය...


'WordPress' යන්න සෙවුම් යන්ත්‍රයක් ආධාරයෙන් සෙවීමේදී පහත සඳහන් වෙබ් අඩවි දෙක මුලින්ම දිස්වේ...

http://wordpress.com
http://wordpress.org

මෙහි පලමු වෙබ් අඩවියෙන් අපට නොමිලේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් ආරම්භකල හැකි අතර අවශ්‍යනම් මුදල් ගෙවා ඩොමෙන් නාමයක් සහ අලංකාර Themes මුදල් ගෙවා ලබාගත හැකිය.

මෙහි දෙවැනියට ඇති වෙබ් අඩවිය...WordPress.org මගින් නවතම වර්ඩ්ප්‍රෙස් සංස්කරනය භාගත හැකිය. වර්ඩ්ප්‍රෙස් ගැන දැනගත යුතු සෑම දෙයක්ම මෙහි ඇත. මෙය වර්ඩ්ප්‍රෙස් හී නිල වෙබ් අඩවියයි.

මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් වර්ඩ්ප්‍රෙස් ගැන බොහෝ දේවල් ඉගෙන ගන්න පුලුවන්.


මා විසින් වර්ඩ්ප්‍රෙස් භාවිතාකර සාර්ථකව නිම කල වෙබ් අඩවියක්...
http://maxxsa.com